Tuesday, September 20, 2011

සෙනසුරාදත් ගියා, හෙටත් යනවා

පොත් ප්‍රදර්ශනේ පටන් ගත්ත දවසෙ උදේ 10 වෙද්දිම ප්‍රදර්ශනය බලන්න ගියත් කිසිම පොතක් ගත්තෙ නම් නෑ. ඒකට හේතුව වුණේ එදා අතේ සල්ලි නොතිබීමත්, හදිස්සියෙම යන්නට සිදු වීමත්. ඉතින් හෙට තමයි පොත් ගන්න යන්න හිතන් ඉන්නෙ.


හෙට ගන්න හිතන් ඉන්න පොත් තමයි මේ.


උපුල් ශාන්ත සන්නස්ගලගෙ පොත් කීපයක් ගන්න උවමනාවක් තිබ්බත් පොත් ප්‍රදර්ශනයෙන් නම් එයාගෙ පොත් ගන්න එක ලාබ නෑ. එතන ලැබෙන්නෙ 20%ක විතර වට්ටමක්නෙ. ඊට වඩා 40%ක වට්ටමකට එයාගෙ පොත් හා සංහිඳ එකෙන් ගහපු අනික් පොත් ගන්න පුළුවන්, නුගේගොඩ තියෙන සංහිඳ මුද්‍රණාලයට ගියාම. ගිය පාර ප්‍රදර්ශනයෙන් සන්නස්ගලගෙ පොත් අරන් ඔය මෝඩකම කරපු නිසා, මේ පාරනම් එයාගෙ පොත් නම් ගන්නෙ නෑ.


තව ගන්න ඉන්න පොත් තමයි සයිමන් නවගත්තේගම ලියපු පොත් වලින් දැනට මුද්‍රණය කරල තියෙන පොත් තුන. මේ ගැන ලිපියක් කලින් ලියපු නිසා ඒ ගැන මෙතනින් බලන්න.


තව පොත් ගන්න හිතන් ඉන්න ලේඛකයො තමයි කේ. ජී. කරුණාතිලක, ජයසේන ජයකොඩි, සුගතපාල ද සිල්වා වගේ අයගෙ පොත්. ඒ ඇරෙන්න අනෝමා ජනාදරීගෙ "පුනරුක්ති" කියන පොතත් හිතුනොත් ගන්නව. හැබැයි වැඩක් තියෙන පොතක් කියල නම් හිතන්න බෑ. සල්ලි ඉතුරු වුණොත් විතරක් ගන්නව. තව "නිරුවත් වානරයා" පොතත් ගන්න හිතන් ඉන්නව. සමින්ද ලංකා සමරසිංහ ලියපු "බැමි" කියන පොතත් ගන්න හිතා ගෙන ඉන්නව.


මේ පාර පොත් ගොඩක් ගන්න බලාපොරොත්තුවක් නෑ. ගොඩක් අරන් තියා ගන්න තැනකුත් නෑ. ඒ නිසා අවශ්‍යම පොත් ටිකක් විතරයි ගන්න හිතන් ඉන්නෙ.


තව ගන්න හොඳ පොත් තියෙනවනම්, ඒ ගැන කියල comment එකක් දාල යන්න.

Monday, September 19, 2011

සයිමන් නවගත්තේගමගෙ පොත්වලට ආස කවුද?

සුභ ආරංචියක් කියන්න තියෙනව. කාලයක් හොයා ගන්න බැරුව තිබ්බ සයිමන් නවගත්තේගම මහත්මයගෙ පොත් කීපයක නැවත මුද්‍රණයක් "ෆාස්ට් පබ්ලිෂින්" ආයතනය කරල තියෙන්ව. 25%ක වට්ටමක් පොත් ප්‍රදර්ෂණයෙ දෙනව. මරදානෙ සුරස පොත් හලෙත් 25%ක වට්ටමක් මේ මාසෙ පුරාම දෙනව. දැනට මුද්‍රණය කරල තියෙන්නෙ "සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා", "දඩයක්කාරයාගේ කතාව" සහ "සුභ සහ යස" කියන පොත් තුන විතරයි. ලබන මාසෙදි "සංසාරණ්‍ය අසබඩ" හා "සුද්දිලාගෙ කතාව" කියන පොත් දෙකත් මුද්‍රණයෙන් පිට වෙනවලු.


පුළුවන් අය මේ පොත් ටික අරන් කියවන්න. වෙනස් විදිහක සිංහල නවකතා කියවන්න කැමති අයට හොඳ පොත් ටිකක් තමයි මේ. ඒ වගේම අවුරුදු ගාණකට මේ පොත් ටික ආපහු මුද්‍රණයකින් පිට වෙයිද කියල හිතන්නත් අමාරුයි.

Friday, September 9, 2011

රස්සාව


topjobs වල කරක් ගහල vacancies ගොඩකට apply කළා.


එයින් එකක interview ගිහින් අමාරුවෙන් රස්සාවක් හොයා ගත්තා.


Training එකටත් ගියා.


Production එකට ගිහින් දවස් තුනකින් නොදන්වාම නිවාඩු 2ක් ගත්තා.


ආපහු රස්සාවට යන්නද? එපාද? නැත්නම් දැනටමත් මාව රස්සාවෙන් අයින් කරල ඇද්ද?


පළවෙනි රස්සාවෙ මේ වගේ අත්දැකීම් තියෙන අය පොඩි උපදෙසක් දීල යන්න.