Thursday, November 29, 2012

ජෛනාගම

ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)






Tuesday, October 30, 2012

කඩවුණු පොරොන්දුව


මට ළගඳි ආසාවක් ආවා ලංකාවේ තිරගත වෙච්ච පළමු කථානාද චිත්‍රපටිය වෙච්ච "කඩවුණු පොරොන්දුව" බලන්න. ඒත් අවාසනාවට ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න බැරි වුණා. ඒත් පොඩිම පොඩි වීඩියෝ එකක් විතරක් බලා ගන්න පුළුවන් වුණා.

ගිය සතියේ දෙරණ චැනලයේ ගියා"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ නව නිෂ්පාදනය. ඒකෙන් යම්තාක් දුරකට මගෙ ආසාව සපුරා ගන්න පුළුවන් වුණා.




"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ තිබෙන මං ආසාම ගීත දෙක තමයි එඩී ජයමාන්න විසින් ගායනා කරනු ලබන "තක්කිට තරිකිට" කියන ගීතයත්, "ළපටි රූපෙ ඈගේ" කියන ගීතයත්.


"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටිය ගැන වැඩිදුර විස්තර මෙතන තියෙනවා.

"කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ මේ වීඩියෝව පමණයි මට සොයා ගන්න පුළුවන් වුණේ.


මේ තියෙන්නේ "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටියේ නව නිෂ්පාදනය.






මේ තියෙන්නේ එඩී ජයමානගේ මා කැමති ගීත දෙකෙන් එකක්.

Sunday, September 30, 2012

කියවන්න පොත් 8ක්

සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්‍රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව.


ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා මාලාව මේ ඔක්කොටම පොත් වලට වඩා ඉහළ මට්ටමක කතා මාලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන්නම් මෙන්න මේ පොත් ටික හොයා ගෙන කියවල බලන්න කියල ඉල්ලා හිටිනව.



1. පිච්චමල


2. අරලියමල් ආරාමය


3. මහමෙර


4. උපේකා


5. පින්කෙත


6. සිල් සුවඳ


7. සුදු නෙළුම


8. තෙර තරණය

Friday, August 31, 2012

'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර'

'ජයවිලාල් විලේගොඩ ගේ සිනමා විචාර' මේ තමයි මම අන්තිමට මේ මාසෙ කියවපු පොත. පොත සංස්කරණය කරල තියෙන්නෙ සුනිල් මිහිඳුකුල.

මේ පොතේ තියෙනව ජයවිලාල් විලේගොඩ (ඔහුගේ සැබෑ නම ජයරත්න විලේගොඩය.) විසින් කරනු ලැබූ චිත්‍රපටි විවේචන 50ක්. මේවායින් බොහොමයක් චිත්‍රපටි ජයවිලාල් විසින් හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු චිත්‍රපටි කොපි කිරීම් ලෙසයි. ටිකක් හරි හොඳ විවේචනයක් ලැබිල තියෙන්නෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සංදේශය', 'දෙලොවක් අතර', 'ගොළු හදවත', 'රන්සළු' කියන චිත්‍රපටිත්, නිහාල් ඒ. ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සිහින හතක්' චිත්‍රපටියත්, ජී. ඩී. එල්. පෙරේරාගේ 'සාමා' චිත්‍රපටියත්, ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'පරසතු මල්' චිත්‍රපටියත් පමණයි.

ජයවිලාල් මහතා උපත ලබා ඇත්තේ 1936 ජූලි 6 වැනි දින රත්නපුරේදීය. රත්නපුර සීවලී විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත් ඔහු, 1953දී ලේක්හවුස් ආයතනයට බැදී 'දිනමිණ' පත්‍රයේ විශේෂාංශ අංශයේ උප කර්තෘවරයෙකු ලෙස කටයුතු කළේය. කුඩා කළ සිටම හෘද රෝගියෙකු වූ ජයවිලාල් මහතා 1971 අගෝස්තු 4 වැනි දින මිය ගියේය. අවුරුදු 35ක් වැනි ඉතා සුළු ජීවිත කාලයක් තුළදී ජයවිලාල් විලේගොඩ මහතා සිංහල චිත්‍රපටි වෙනුවෙන් කළ මෙහෙවර අමරණීය බව මෙම කෘතියෙන් මනාව සනාථවේ.

Tuesday, July 31, 2012

මා ආ ගිය පුස්ථකාල

මගෙ දැන් තියෙන ලොකුම විනෝදාංශය තමයි පොත් කියවන එක. ඉස්සර නම් පොත් ගත්තා. ඒත් දැන් නම් පොත් ගන්න එක නතර කරල, පුස්ථකාලවලින් පොත් අරගෙන කියවන එක තමයි කියන්නෙ.

මට පුස්ථකාල කිහිපයක්ම පරිහරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවා තමයි,

1. පාණදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පුස්ථකාලය.

2. කොළඹ රාජකීය විද්‍යාලයීය පුස්ථකාලය.

3. පාණදුර නගර සභා පුස්ථකාලය.

4. බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්ථකාලය.

5. කොළඹ ජාතික පුස්ථකාලය.

6. කොළඹ මහජන පුස්ථකාලය.

ඉතින් මම බලාපොරොත්තු වෙනව මේ පුස්ථකාල ගැන වෙන වෙනම මට තියෙන අත්දැකීම් ගැන ලියන්න. ඒ ගැන ඊළග පෝස්ට් එකේ ඉඳලා කතා කරමු.

Thursday, May 31, 2012

පොතක් ගැන යමක්

"පොතක් ගැන යමක්" කියන්නෙ මම කරන තවත් බ්ලොග් එකක්. ඒකෙ තියෙන්නෙ මම කියවන පොත් ගැන පොඩි විස්තරයක්. කාලෙකින් ඒ බ්ලොග් එකේ මොකුත් ලියවුනේ නෑ. ඒ නිසා ලබන මාසෙ ඉඳල ආපහු ඒ බ්ලොග් එක පටන් ගන්නවා. ඉතින් හැමෝම ඇවිත් බ්ලොග් එක බලල යන්න එන්න කියල ඉල්ලා හිටිනව.

Monday, April 30, 2012

ඇත්තම "මචන්ල" සෙට් එක

මම හිතන්නෙ සිංහල බ්ලොග් ලියන, කියවන හැම දෙනෙක්ම වගේ "මචන්" චිත්‍රපටිය එක පාරක්වත් බලල ඇති කියල.මම නම් 4 පාරක්ම බැලුව.ඊට පස්සෙ download කර ගෙනත් කීප වතාවක්ම බැලුව.

මේ කියන්න යන්නෙ හැබැයි "මචන්" චිත්‍රපටිය ගැන නෙමෙයි."මචන්" චිත්‍රපටියෙ කතාවට පසුබිම සපයපු ඇත්තම handball team එකේ වීඩියෝ කීපයක් ගැන.මේ වීඩියෝ ටික බැලුවම තේරෙයි ඇත්තම "මචන්ල" සෙට් එකයි, චිත්‍රපටියෙ "මචන්ල" සෙට් එකයි සෙල්ලම් කරපු විදිහෙ වෙනසක් නැහැ කියල.

ඒ වගේම තමයි "මචන්" චිත්‍රපටිය රූපගත කිරීමට ජර්මනියට ගිය නලුවන්ගෙන් පොලිස් නිළධාරියෙකුට රග පෑ නලුවෙකුත් ඉතාලියට පැන්න එකේ මේ කට්ටිය ජර්
නියෙන් පැන ගත්ත එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ.





Wednesday, February 29, 2012

කම්මැලිකම

බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලෙ මම මාසෙකට බ්ලොග් පෝස්ට් 2, 3ක් වත් දැම්ම. ඒත් දැන් මාසෙකට 1ක් විතර දාන්නෙ. නොදා ඉන්න බැරි නිසයි මේ පෝස්ට් 1 දැම්මෙත්.

Thursday, January 26, 2012

ජෛනාගම

ගොඩක් අය ජෛනාගම ගැන අහල තිබුණට නිඝන්ටයන් දැකල නැතිව ඇතිනෙ. පහල තියෙන වීඩියෝ වල ඉන්නෙ ඒ නිඝන්ටයො. (18+ හොදේ)