Saturday, November 30, 2013

යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?


යොහෝවාගේ සාක්ෂිකරුවෝ, ඒ කවුද? මොනවද කරන්නෙ?

ගොඩක් අය යොහෝවාගේ සාක්ෂිකරුවෝ කියපු ගමන් බියට පත් වෙනව. ඒ ඔවුන් අන්තවාදී ආගමික කණ්ඩායමක් කියන පිළිගැනීම ඔවුන්ට තිබෙන නිසා. මේ නිසාම ඔවුන් ගැන දැන ගැනීමට ඇති වූ කුහුල නිසා මම ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන Watchtower වෙත ගොස් ඔවුන්ගේ ධර්මය දැන ගැනීමට කැමති බව දන්වා එහි ඇති පෝරමය පුරවනු ලැබුවා. දවස් දෙක, තුනකට පස්සෙ වත්තල තිබෙන ඔවුන්ගේ ලාංකීය කාර්යාලයෙන් මට දුරකථකන ඇමතුමක් දී යෝහෝවාගේ පණිවිඩය ගැන මා හට දැන්වීමට කෙනෙකු එවීමට මගේ නිවස පිහිටා තිබෙන ස්ථානය ගැන විමසනු ලැබුවා.

පහත දැක්වෙන්නේ එසේ ආ යොහෝවාගේ සාක්ෂිකරුගෙන් මා දැන ගත් කරුණුයි.

යොහෝවාගේ සාක්ෂිකරුවන් යනු යොහෝවා නමැති දෙවියන් අදහනු ලබන ජනතාවයි. යොහෝවා යනු ජේසු තුමන්ගේ පියා නොහොත් මේ ලොව මැවූ දෙවියන්ය. ඔහුගේ නම "යොහෝවා" ය. ඔවුන් එක් රැස් වී යාඥා කරන ස්ථානය හැදින්වෙන්නේ පල්ලියක් හෝ දේවස්ථානයක් ලෙස නොව "යොහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාව" (Kingdom hall) ලෙසය.

සාතන් විසින් පාලනය කරනු ලබන මේ ලොව අනාගතයේදී ජේසු තුමන් විසින් විනාශ කරනු ලබන බවත්, ඉන්පසු දැනට ජීවත් වන අයගෙන් හා මියගිය අයගෙන් තෝරා ගත් 1,44,000ක් මගින් මේ ලොව පාලනය කරන බවත්, ඉතිරි අය විනිශ්චයකට ලක් කොට පාරාදීසයක් බවට හැර වූ පොළොව මත සදාකලික ජීවනයක් ලබා දෙන බවත් ඔවුන් පවසා සිටියා.

එමෙන්ම ඔවුන් විශ්වාස කරන ආකාරයට ජේසු තුමන් මරා දැමුවේ කුරුසයක ඇණ ගැසීමෙන් නොවේ. ඔහුව ඇණ ගසා මරා දමන ලද්දේ තනි ලී කණුවක අත් දෙක ඉහලට සිටින සේ එල්ලා තැබීමෙනි.



මේ ඔවුන් විසින් නොමිලේ දෙන ලද පත්‍රිකා හා පොත් පත් කිහිපයය.



මොවුන් විසින් පුන පුනා පැවසුවේ යොහෝවාගේ සාක්ෂිකරුවන් කිසි දිනෙක මුදල් දී අන්‍යාගමිකයන් යොහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් නොකරන බවත්, ලෙඩ රෝග ආදිය සුව නොකරන බවත්ය. එමෙන්ම ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇති "බයිබලසේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගනිමු" යන පොතෙහි ඇති පාඩම් 19 නොමිලේ නිවසටම පැමිණ ඉගැන්වීමටද ඔවුන් විසින් කැමැත්ත පළ කරන ලදී. මෙම පාඩම් මාලාවෙන් පසු තමාට අවශ්‍ය නම් පමණක් බෞතිස්මය ලබා යොහෝවාගේ සාක්ෂිකරුවෙකු වීමට හැකි බවද ඔවුන් විසින් පවසන ලදී. එමෙන්ම ඔවුන්ගේ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන යාඥා මෙහෙයන් සඳහා පැමිණෙන ලෙසද ආරධනා කරන ලදී.

පහත දැක්වෙන වීඩියෝවේ ඇත්තේ යොහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සංක්ෂිප්ත විස්තරයකි.

  

12 comments:

  1. චරිත් මල්ලි අද තමයි මම මුළින්ම ඔබගේ බ්ලොගයට ආවේ. වටිනා ලිපියක්. නොදන්න කාරනා කීපයක් දැනගත්තා. මම බුද්ධාගමේ. ඒත මගේ ප්‍රතිපත්තිය හා විශ්වාසය තමයි සමාජයට හා තමන්ගේ ජීවිතයට යහපතක් වෙන ආගමක් හෝ ඉගැන්වීමක් තිබේද එය අනුගමනය කිරීම තමන්ට අයිති කාරියක්. හරියට ගත්තොත් හැම ආගමකින්ම කියලා තියෙන්නේ යහපත් දේවල්. ඒත් යම් යම් අන්තගාමීන් හා පටු අදහස් ඇත්තන් තමයි ඒවා වෙනස් කරන්නේ එයාලගේ යහපතට.. ජය වේවා! නැවත එන්නම්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ආගමෙන් නම් යහපතට වඩා ඒ මිනිස්සුන්ට කරල තියෙන්නෙ අයහපතක්. ඒ මිනිස්සුන්ගෙ සිතීමේ නිදහස සීමා කරලයි තියෙන්නෙ. ගොඩක් අය වැඩ කරන්නෙ හරියට රොබෝල වගේ.

      Delete
  2. ටැබූ යොහොවාගේ සාක්ෂි කරුවන් ගැන ලියපු ලිපියක්

    දෙවියන්ගේ හුදකලා දරුවෝ | God’s lonely children

    ReplyDelete
    Replies
    1. මාත් ඕක කලින් කියවල තිබ්බා.

      Delete
  3. වැඩේ තියෙන්නේ මේ අය තමයි අහක යන පරිප්පු කන්නේ ... මමත් දන්න කීප දෙනෙක් ඉන්නවා..අවමය ලෙස අවුරුද්දකට පෝරියල් දෙකක් වත් කනවා... :(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි. ගෙයක් ගෙයක් ගානෙ ගිහින් ආගම ප්‍රචාරණය කරනව කියන්නෙ ලේසි වැඩක් නෙමේනෙ.

      Delete
  4. ඔයිට වඩා හොදයි පකෝ යොහෝවෙක්ට කියලා තෝ පුකේ ඇර ගත්තා නම්...දෙවියන් වහන්සේ අම්මගෙ හුත්ත මැව්වා....තොපි වගේ පොන්නයො ඕවා විශ්වාස කරනවනෙ ඇත්තට...ඒ හින්දා වෙන්න ඇති පල්ලියේ සිස්ටර්ලා අපිට කියලා හුකා ගන්නෙ....

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ - මට ඕන වුණේ ඔවුන්ගේ ආගම ගැන දැන ගන්න විතරයි. නැතුව ඔවුන්ගේ ආගමෙන් බෞතිස්මය ගන්න එක නෙමෙයි. අනිත් එක යොහෝවාගේ සාක්ෂිකාරයන් ලේසියෙන් කෙනෙක්ට බෞතිස්මය දෙන්නෙත් නෑ. බෞතිස්මය ගන්න හොඳ ආගමික දැනුමකුත් තියෙන්න ඕනෙ.

      Delete
  5. එත් එයාල අන්තවාදි වැඩි නැද්ද?

    ReplyDelete
    Replies
    1. අන්තවාදී වැඩි නැද්ද කියලත් අහනවා. අන්තවාදී වැඩියි තමයි.

      Delete
  6. තව තියෙනවා. මේ අය මැරෙන්න ගියත් ලේ දෙන්නෙත් නැ. ලේ ගන්නෙත් නේ. ඒ වගේම තමයි නත්තල සමරන්නෙත් නෑ . අඩියක් පුඩියක් ගහනකොට චියර්ස් කියන්නෙත් නැ . කොහොම උනත් හොඳ ලිපියක්.

    ReplyDelete
  7. මම දන්න පොරක් ඉන්නව කුක් කියල
    මිනිහගේ පෙනුමත් හරියටම එංගලන්ත කාරයෙක් වගේම කමයි
    මම හිතන්නේ බර්ගර් කෙනෙක්
    මෑන් මට හැම මාසෙම ඔය පිිබිදෙවු සගරාව කවුටරෙන් දීල යනව
    හැමදාම සල්ලි ඩිපොසිට් කරන්න එද්දී හිනා පොදක් නැති මිනිහා
    එදාට විතරක් මුන බලල හිනා වෙනවා

    ReplyDelete