Tuesday, February 19, 2013

පොඩි ගාණක් හදා ගන්න උදව්වක් දෙන්න

මේ ගාණ විවෘත විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු විභාගයකදී අහපු mcq ප්‍රශ්නයක්. උත්තරය හරියටම ගන්න විදිහ මට තේරෙන්නෙ නෑ. ප්‍රශ්නය පහතින් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දාල තියෙනව. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් හදන ක්‍රමෙත් එක්කම උත්තරේ කියල යන්න.

ඝනයක පැත්තක දිග තත්පරයට සෙ. මී. 4ක සීඝ්‍රතාවයකින් වැඩි වෙමින් පවතී. පැත්තක දිග සෙ. මී. 3ක් වන විට ඝනකයේ පරිමාව වැඩි වීමේ සීඝ්‍රතාවය cm^3/sec වලින් සොයන්න.

The side of a cube is expanding at a rate of 4cm per second. What is the rate of change of volume in cm^3/sec when the length of a side of the cube is 3cm.

(i)  16
(ii)  27
(iii)  9
(iv) 108
(v)  48