Sunday, June 30, 2013

රෝස කටු - බෞද්ධ නවකතා ලියූ ලේඛයකුගේ ජීවිත කතාව

ජයසේන ජයකොඩි කියන්නෙ බෞද්ධ ධර්මයෙහි ඇතුළත් කරුණු මුල් කරගෙන නවකතාකරණයෙහි යෙදිච්ච ලේඛකයෙක්. බුදුන් වහන්සේගේ ජීවිත කතාව "අමාවැස්ස" හා "ගෝතම ගීතය" යන පොත් දෙකෙහි එතුමා ඉතා අලංකාරව නවකතාවකට ගැළපෙන අයුරින් සකස් කර තිබෙනවා.


ඒ වගේම තමයි එතුමා විසින් ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් පිච්චමල නවකතා මාලව. එහි නවකතා පොත් 8ක් ඇතුළත් වෙනවා. මෙම රාහුල තෙරුන් ජීවත් වූ ප්‍රදේශය ලෙසට යොදා ගෙන තිබෙන්නෙත් එතුමාගේ ගම වූ හොරණ ප්‍රදේශයමයි.


මේ ආදී පොත් ලියපු ජයසේන ජයකොඩි මහත්මයා තමන්ගේ ජීවිත කතාව විදිහට ලියාපු පොත තමයි "රෝස කටු" කියන්නෙ. එතුමාගේ ජීවිතයේ කුඩා අවධියේ ඉඳල 2008 වසර දක්වා එතුමාගේ ජීවිත කාලය මෙම පොතෙහි විස්තර කරල තියෙනවා.


තමන්ගේ ජීවිතයේ සිදු වූ අඩුපාඩු කිසිවක් නොසගවමින් ලියා ඇති මේ පොත කාටත් රසවිඳිය හැකි පොතක් ලෙසටයි මම සලකන්නෙ.