Friday, January 24, 2014

P.S. I Love You || ප.ලි. මම ඔයාට ආදරෙයි

තමන්ට ආදරය කරන කෙනෙක් මිය ගිහිල්ලත් ඔහුගෙන් ආදරය ප්‍රකාශ වන ලිපියක් හැම මාසෙකම ලැබුණොත් ඒ මුලින් තිබ්බ ආදරයේ අඩුවක් දැනෙන්න පුළුවන්ද? මේ විදිහේ කතාවක් රැගත් පොතක් තමයි "P.S. I Love You" කියන්නෙ.


Gerry හා Holly කියන්නෙ ආදරයෙන් එකට ජීවත් වන යුවලක්. ඒත් Gerry තරුණ කාලෙදිම අසනීප වෙලා මිය යනවා. Holly කියන්නෙ තමන්ගෙ වැඩක් තනියම කර ගන්නවත්, එක දිගට එකම රස්සාවකට යන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි. හැමදේම ඉස්සර කරල දුන්නෙ Gerry විසින්. ඒත් Gerry මිය ගියාට පස්සෙ Holly ජීවත් වෙන්නෙ කොහොමද?

ඇයට ජීවත් වෙන්න ඕන කරන උපදෙස් ලැබෙන්නෙ Gerry මිය ගියාට පස්සෙ ඇය වෙත ලියා තිබ්බ ලිපි මගින්. මාස දහයක් වෙනකන් මේ ලිපි ලියා තියන්න Gerry කාරුණික වෙලා තියෙනවා.


කවදාවත් සිංදුවක් නොකියපු Hollyට සිංදු කියන්නත්, Holly ආසම රටකට තමන්ගෙ මිතුරියන් එක්ක සංචාරයක් යන්නත්, අන්තිමට Hollyට රස්සාවක් කිරීමට හිත සකස් කිරීමටත් මේ ලියුම් දහය උපකාරී වෙනවා. මේ සේරම ලියුම් Gerry විසින් සකස් කරන්නෙ තමන් මිය යන බව හොඳින්ම දැනගෙන බලවත් ලෙස අසනීප වෙලා ඉන්න කොටයි. ඒ වගේම Hollyට ගැළපෙනම රස්සාවක් හොයා ගන්නත් ලැබෙනවා.

මේක මම කියවපු ලස්සන ආදර කතාවක්. පොත ලියල තියෙන්නෙ Cecelia Ahern විසින්. මේ පොතෙන් හැදිච්ච movie එකට වඩා පොත දහස් වාරයක් රසවත්. ඒ නිසා කොහොම හරි මේ පොත හොයා ගෙන කියවන්න. (හැබැයි movie එක නැත්නම් මේ පොත මම වුණත් කියවන එකක් නෑ.)


මේ පොතේ තිබිච්ච පුංචිම පුංචි වාක්‍යයකින් මේ post එක අවසන් කරනවා.

"Shoot for the moon and if you miss you'll still be among the stars."

6 comments:

  1. කියවලා නෑ.. ඒත් මම මේකේ ඉතාලි පරිවර්ථනය නම් දැකලා තියෙනවා.. කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අහවල් මගුලයැ කරන්නේ ඒක මට එවහං. අනික බොගේ මොලේ අවුල් වෙලා තියෙන්නේ ඕවා කියවන්න නාකයි

      Delete
    2. @ Dinesh - ඉතාලි පරිවර්තනය හරි කියවල බලන්න. ලස්සන කතාවක්.

      Delete
    3. @ දේශකයා - ඉතාලිත් කියවන්න පුළුවන්ද?

      Delete