Thursday, August 28, 2014

ෆ්ලෝටින් මාර්කට් ගියෙමි


නිකන් ඉන්න බැරි කමට අද පිටකොටුවෙ අළුතින් ඉදිකරපු ෆ්ලෝටින් මාර්කට් එක බලන්න ගියා. ගියාට අමුතුවෙන් දෙයක් ගන්නවත්, කන්න බොන්න තැනක්වත් නෑ. Bake House එක තිබ්බත් ඒකෙත් වාඩි වෙලා කන්න ඉඩක් තිබ්බෙ නෑ. ඉස්සර පිටකොටුවෙ කඩම තමයි. වෙනස තියෙන්නෙ පිරිසිදුකම විතරයි. ඒකත් තව කොච්චර කල් තියෙයිද දන්නෙ නෑ.

බුලත්, පුවක්, දුම්කොළ විකුණන කාන්තාවකුත් හිටියා. ඒ මිනිස්සුත් තමන්ගෙ රස්සාව කරන්න ඕනෙ කමට ඉන්නව මිසක් ලාබයක් ගන්නවයි කියලනම් හිතන්න බෑ එතන.




එක තැනක තිබ්බ කඩේකින් බඩගින්න නිසා ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් කෑවා. මම ඉල්ලුවෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒත් දුන්නෙ මාළු කෑල්ලක් එක්ක. චිකන් නෑ කිව්වෙ කෑම එක ගෙනත් දුන්නටත් පස්සෙ. මාළු ඇඹුල් තියල් කියල කිව්වෙ. ඒත් දුන්නෙ බල මාළු කෑල්ලක්. කඩේ අයියලගෙ තිබ්බ මරුමුස් පෙනුමත් එක්ක තනියෙන් ගහ ගන්න යන්න බැරි නිසා කාලා ආවා. රුපියල් දෙසීයට ඒ ෆ්‍රයිඩ් රයිස් එක නම් හොඳටම පාඩුයි.



ආපහු නම් ෆ්ලෝටින් මාර්කට් එක පැත්තෙ යන්න කිසිම අදහසක් නෑ. නිකන් ගිහිල්ල ඇවිදල එන්න විතරක් නම් හොඳ තැනක්.



11 comments:

  1. ඒකත් එතකොට එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඒකත් ලංකාවේ කෝකත් වගේ තමයි. !

      Delete
    2. ඒකත් එහෙම නොවී තියේවියැ පරණ කඩ ටිකම එතනට එනකොට.

      Delete
  2. ගෝඨා නැති දවසක ඔතන කොහොමට තියේවිද?

    ReplyDelete
    Replies
    1. ගෝඨා නැති දවසට ඕකත් බේරෙ වැවටම ගිලිල යාවි.

      Delete
  3. තුක් ඈ...
    අර කඩ ටිකම තබ්බ නං ඔයිට හොදා බං...
    නෙද්දෝම කිං...

    ReplyDelete
    Replies
    1. පිරිසිදුකම ඇරෙන්න වෙන කිසිම ගත යුත්තක් නෑ. පිටකොටුවෙ මෙච්චර දවසක් නොතිබ්බ කඩේකට තියෙන්නෙ Bake House එක විතරයි. කෑම කඩ තිබ්බත් වාඩි වෙලා කන්න තියෙන තැන් තියෙන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්. මම කාපු තැන මේසෙ තියල තිබ්බෙ වැව ගාවටම වෙන්න. පොඩ්ඩක් එහා මෙහා වුනානම් වැවේ ඉඳන් තමයි බත් කන්න වෙන්නෙ.

      Delete
  4. වතුර පල් ගද ගහන්නෙ නැද්ද බං....

    ReplyDelete
    Replies
    1. පල් ගඳ තාමත් යම්තාක් දුරකට එනවා. ඒත් ඉස්සර තරම් නෑ.

      Delete
    2. වැවේ වතුරෙ පාට පින්තූරවලින් පේනවනෙ. ගඳ, සුවඳ හිතා ගන්න පුළුවන්නෙ...:P

      Delete
  5. මචෝ ෆ්ලෝටින් එකෙන් කෑවත් ගත්තත් ඒකෙන් එන්නේ පේමන්ට් සුවද තමා. වෙනසක් නැහැ. වැදගත්ම දේ ඒ අයට දැන් තමන්ගේ ජීවන මාර්ගය කරගෙන යන්න ස්ථිර තැනක් තියෙනවා.. නගරයට අලංකාරයක් එනවා.

    හැබැයි ගන්දස්කාරේ නැති කරන්න මොනා හරි කරන්න වෙනවා. කෑමක් කන්න පුළුවනෑ බං ඒ ගඳත් එක්ක.. මමත් ඊයේ ගියා. වැඩේ ලස්සනයි..

    ReplyDelete