Saturday, February 1, 2014

කවුද කැමති කුං ෆු ආපහු බලන්න?


අපි පොඩි කාලෙ රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඬ කවපු වැඩසටහනක් තමයි "කුං ෆු" කියන්නෙ. කුං ෆු රූපවාහිනියෙ පෙන්නන කාලෙදි මට වයස අවුරුදු 5,6ක් වගේ. චීනෙ හාමුදුරුවො වගයක් ගැන කතාවක් වගේ මතක. ඒ චීනා ඇමෙරිකාවටත් ගිහිල්ලා හිටියා වගේ මතකයි. ඒ වගේම අන්ධ චීන හාමුදුරු කෙනෙකුත් හිටියා වගේ මතකයි.



මේ කතාව මීට අවුරුදු පහළොවකට විතර කලිනුත් රූපවාහිනියෙ හවස තුනට විතර පෙන්නුවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම බලන්න බැරි වුණා, ඒ කාලෙ ටියුෂන් පන්ති යන්න වෙච්ච නිසා.

ඔන්න ඒ කාලෙ බලන්න බැරි වුණාට දැන් බලන්න පුළුවන් වෙලාවක ආපහු NTV එකේ කුං ෆු පෙන්නනවා. මේක උපසිරසි ගන්වලා තියෙන්නෙ ටයිටස් තොටවත්ත මහත්මයා විසින්. ඒ නිසා දැන් හඬ කවපු වැඩසටහන් වලට වඩා හොඳ කතාවක් කියල කියන්න පුළුවන්.



මට මේක NTV එකෙන් බලන්න ලැබුණෙ බදාදා රෑ අටට. අනිත් දවස්වලත් යනවද දන්නෙ නෑ. අහම්බෙන් බලන්න ලැබුණෙ. තාම NTV එකේ වැඩසටහන් විස්තරයක් NTV website එකේ නම් නෑ.

පල්ලෙහා වීඩියෝවත් බලලා හිතට අල්ලනවනම් NTV එකේ යන කුං ෆු TV series එකත් බලන්න.